පුංචි නෙතූගේ කතා….කූඹියා සහ අත්තම්මා

මේක ටිකක් පරණ කතාවක්, ළඟදි මගේ යාළුවෙක් ආයෙත් මේ කතාව මතක් කළා. ඒ වෙද්දි මට කතාව අමතක වෙලයි තිබුනෙ. එච්චර ලස්සන කතාවක් අමතක  උනොත් අපරදෙ…. ඒ නිසා ලියල තියන්න හිතුනා.

නෙතූ කියන්නෙ පුංචි ගෑනු ළමයෙක්. එයා පුංචි මලක් වගේ, පුංචි සුරංගනාවියක් වගේ, හරිම ලස්සණයි, හුරුබුහුටියි, දඟකාරයි. එයාගෙ සිතිවිලිත් එයා වගේම සුන්දරයි….

ඔයාලම කියවල බලන්නකෝ මම කියන්නෙ ඇත්තද කියල.

පුංචි නෙතූගෙ චූටි ගෙදර බිම පුංචි පුංචි කූඹි එහෙ මෙහෙ යනවා දැක්කම නෙතූට හරිම සතුටුයි. ඉතින් නෙතූ දුවගෙන දුවගෙන යනව කූඹිය බලන්න.  සතුට වැඩිකමට නෙතූගෙ බ්‍රේක් වැඩකරන්නෙත් නෑ, කොහොම හරි කූබියගෙ ඇඟ උඩ තමයි නෙතූ නතර වෙන්නෙ. ඒ කූඹියගෙ ගමන එතනින් ඉවරයි.

දවසක් දා නෙතූගෙ මේ වැඩේ දැකපු අම්මා නෙතූට බොහොම ආදරෙන් ලඟට කතාකරල කිව්ව. “පුතේ කුඹි පාගන්න එපා එතකොට එයාල මැරෙණව”.  මැරෙණව කියන එක නෙතූට හරියටම තේරුනාද නැද්ද කියල මම දන්නෙනෑ. හැබැයි නෙතූ අම්මගෙ උපදෙස් අකුරටම පිළිගත්තා.

ටික දවසකට පස්සේ නෙතූයි, අම්මයි, තාත්තයි නෙතූගෙ අම්මම්ම (අත්තම්මා )ගෙ ගෙදර ගියා. අම්මම්මලයි ගෙදරත් නෙතූට  හොඳට පුරුදුයි, ඉතින් නෙතූ හැමතැනම දුවනවා. නෙතූ  ඔහොම දුවද්දි නෙතූගෙ අම්මම්ම පුටුවක වාඩිවෙලා හිටිය. නෙතූ දුවගෙන යද්දි එකපාරටම නෙතූට අම්මම්මගෙ කකුල පෑගුනා.

යන්න ගිය ගමන අතරමඟ නතරකල නෙතූ එක පිම්මට දුවල ගියා එයාගෙ අම්ම ලඟට, ගිහින් කියනව මෙන්න මෙහෙම
“අම්මෙ අම්මෙ… අම්මම්මගෙ කකුල පෑගුනා එයා මැරෙයිද දන්නෙ නෑ”

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s