පුංචි නෙතූගේ කතා….නෙතූගේ චූටි ගෙදර

නෙතූගේ තාත්තයි අම්මයි, බොහොම ආසාවෙන් මහන්සිවෙලා නෙතූටයි තාත්තටයි අම්මටයි ඉන්න ලස්සන ගෙයක් හැදුවා… (හැදුව කිව්වට ඉවරමනෑ). එතින් ඒක නෙමෙයි කතාව.

නෙතූට ඉතින් මේ ගෙදර ගැන කතන්දර ගොඩායි. නෙතූ ගෙදරට කියන්නෙ “චූටි ගෙදර” කියල. චූටි කියන එකේ තේරුම නෙතූ හරියටම දන්නෙ නැතුව ඇති මම හිතන්නෙ.

  • ඉතින් චූටි ගෙදර bathroom එහෙම හදල ඉවර නැති දවස්වල නෙතූ හිතාගෙන හිටියෙ ඒ චූටි කාමරේ එයාගෙ කියල. නෙතූගෙ සුදු මාම, චූටි අම්ම එහෙම ආ.. මේක ඔයාගෙ කාමරේ නේද කියල නෙතූව තව ටිකක් ඇන්දුවා. දවසක් නෙතූගෙ තාත්තා කියල දුන්න චූටි කාමරේ එයාලගෙ bathroom එක කියල. නෙතූට හරිම ලැජ්ජාහිතුනා.
  • චූටි ගෙදර හදන දවස්වල නෙතූ හරිම ආසයි චූටි ගෙදරට. ඉතින් අම්මම්මට එහෙම කියනව අපේ චූටි ගෙදර හදල ඉවර උනාම අපි එහේ යනවා කියල. අම්මම්ම දවසක් කිව්ව පුතා චූටි ගෙදර ගියාම අපි එන්නං ඔයාලව බලන්න කියල. ඉතින් අම්මම්ම ගේට්ටුව ලඟට ඇවිත් බලල යන්න කියලා නෙතූ කිව්ව. නෙතූ බය උනා අම්මම්ම චූටි ගෙදර නතරවේවි කියල.ඔහොම ටික දවසක් ගියාට පස්සේ අම්මයි, තාත්තයි, නෙතූයි චූටි ගෙදර පදිංචියට ගියා. ඉතින් අළුත් ගෙදරට ගියාට පස්සෙ නෙතූගෙ අම්මට වැඩගොඩයි, තාත්තටත් එහෙමයි, දැන් නෙතූට පාළුයි, දුකයි. සෙල්ලම් කරන්නත් කව්රුත් නැහැ.දැන් නෙතූ බලන්න අම්මම්ම ආවම නෙතූ අම්මම්මගෙ ගෙදර යතුර හංගනවා… ගෙදර යන්න බැරිවෙන්න. එහෙමත් නැත්නං අම්මම්මට කියනවා ‘මම ඔයාට මගේ ඇඳ දෙන්නං ඔයා මෙහේ ඉන්නවද?’ කියල.
  • දවසක් නෙතූ උදේ නැගිටල බලද්දි අම්මයි තාත්තයි හොඳටම වැඩ, නෙතූ ටිකක් කල්පනා කරල අම්මගෙන් අහනවා ‘ඇයි අම්මේ අපි චූටි ගෙයක් හැදුවෙ, අම්මම්මලාගෙ ගෙදර අපිට ඉඩ තියෙනවනේ’ කියල.

තව කතාන්දර ගොඩාක් තියෙනවා… පස්සෙ කියන්නංකෝ

Advertisements

One response to “පුංචි නෙතූගේ කතා….නෙතූගේ චූටි ගෙදර

  1. Pingback: පුංචි නෙතූගේ කතා….නෙතූ කාටූන් බලන හැටි | සංකල්පනා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s