පුංචි නෙතූගේ කතා….චූටි අම්මගෙ වහල ගහලද?

නෙතූ ඉඳලා හිටලා දවසක චූටි අම්මට call කරනව. ඒකත් එයාට හිතුනොත් විතරයි, චූටි අම්ම එහෙම call කලොත් ‘මම වැඩක්’ කියනව.  🙂

ඔන්න ඉතින් දවසක් නෙතූටම හිතිලා චූටි අම්මට call කලා. චූටි අම්මත් ඉතින් ඉඳලා හිටලා ලැබෙන චාන්ස් එකනෙ කියලා ඔක්කොම වැඩ පැත්තක තියලා නෙතූගෙ කතන්දර අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නව විතරක් නං බැරියැ රටේ තියෙන ඔක්කොම ප්‍රශ්ණ නෙතූගෙන් අහනවා. නෙතූත් අතාරින්නෙ නෑ පුළුවන් හැම දේටම උත්තර දෙනවා, බැරි උනොත් ඒවටත් නෙතූ මොනව හරි කරනවා. මේකත් ඒවගේ වැඩක්..

චූටි අම්ම ඉතින් ගෙදර විස්තර අහලා, අම්මා, තාත්තා, අම්මම්මා, සීයා ඔක්කොම ගැන අහලා, නෙතූගෙ යාළුවො ගැන අහලා, උදේට දවල්ට කෑවෙ මොනාද අහලා, චායා ටීචර් ගැනත් අහල ඉවරයි. තාමත් කතාව ඉවර නැහැ. ඉතින් චූටි අම්මා බාබාගෙ චූටි ගෙදර ගැන විස්තර අහන්න පටන් ගත්තා.

චූටි අම්මා – ඔයාලගෙ චූටි ගෙදර දැන් හදල ඉවරද?
නෙතූ       – ඔව්
චූටි අම්මා – ඔක්කොම ඉවරද? (ඉවරනෑ කියලා දන්න නිසා අයෙත් අහනවා)
නෙතූ       – ඔව්
චූටි අම්මා – ෂා.. හොඳයි නේ, බිත්ති හදල ඉවරද?
නෙතූ       – ඉවරයි
චූටි අම්මා – බිම හදල ඉවරද?
නෙතූ       – ඔව්, ඉවරයි.
චූටි අම්මා – එතකොට කාමර, ඒවත් ඉවරද?
නෙතූ       – බබාගෙයි, අම්මගෙයි, තාත්තගෙයි කාමර හැදුවා.
චූටි අම්මා – එතකොට වහල, වහල ගහල ඉවරද?
නෙතූ       – (ටිකක් වෙලා සද්දයක් නෑ…ඊට පස්සේ ) චූටි අම්මා වහල ගහල ඉවරද?

චූටි අම්මටයි, කතාව අහගෙන හිටිය නෙතූගෙ අම්මටයි හොඳටම හිනා.

වහල ගහල නෑ කියන්න නෙතූට දුක හිතෙන්න ඇති….අනිත් එක තවම ගෙයක් හදන්න හිතලවත් නැති චූටි අම්මා මගේ ගෙදර වහල ගැන අහන්න ආව කියල තද උනාද දන්නෙත් නැහැ නේ… 🙂

Advertisements

One response to “පුංචි නෙතූගේ කතා….චූටි අම්මගෙ වහල ගහලද?

  1. Pingback: පුංචි නෙතූගේ කතා….නෙතූ කාටූන් බලන හැටි | සංකල්පනා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s