පුංචි නෙතූගේ කතා….කඩේ මාමගෙ ඩෝසරේ

නෙතූගෙ අම්මයි, තාත්තයි, නෙතූයි, චූටම්මයි, චූටි තාත්තයි, සුදුමාමයි සෙට් එකම සිරීපාදෙ ගියා. ඉතින් ගමන පටන්ගත්තු වෙලාවෙ ඉඳල නෙතූගෙ වැඩේම කෑගහනවා..සමනල කන්ද බලන්න යමු..සමනල කන්ද බලන්න යමු කියලා. එයාට ඉතින් මොන අමාරුවක්ද උඩින් යන එකනේ..

ඉතින් මෙහෙම සෙට් එකම සිරීපාදෙ නැගල, හොඳ ගානට  හතිවැටිල නවාතැනට ආව කියමුකෝ. ඊට පස්සෙ තමයි මේ කතාව පටන් ගන්නේ, නෙතූ ඉතින් එක එක්කෙනාගෙ අතේ, කරේ හොඳට නිදාගෙනනෙ ගියේ ආවෙ දෙකම. ඉතින් මෙයාට පොඩ්ඩක්වත් නිදිමතක්, අමාරුවක් නැහැ. ඒත් අනිත් හැමෝටම මහන්සියි, නිදිමතයි. ඉතින් එයාල ටිකක් නිදාගන්නකල් සීයා නෙතූව අරගෙන ඇවිදින්න ගියා.

අහ්.. කියන්න බැරිඋනානෙ නෙතූගෙ සීයයි, අම්මම්මයි දෙන්නත් මේ ගමන අවා, හැබැයි එයාල සිරීපදෙ නැග්ගෙ නැහැ. පහලට වෙලා හොඳට නිදාගත්තා.

ඉතින් ඒ නිසා සීයටත් මහන්සි නැහැනෙ, සීයයි නෙතූයි දෙන්න ගිය ටිකක් ඇවිදින්න.

සිරීපාදෙ කාලෙට පොඩි පොඩි කඩ තියෙනවනේ හැමතැනම. ඉතින් නෙතූයි සීයයි සෙල්ලම් බඩු බල බල යනවා. ඔහොම යද්දී සීය නෙතූගෙන් අහනව මොනවද පුතාට ඕනෙ කියලා. නෙතූත් එසේ මෙසේ දේවල් ඉල්ලන කෙනෙක් නෙමෙයි, නෙතූ එකපාරටම කිව්වා ‘මට ඩෝසරයක් ඕනි’ කියලා. දැන් ඉතින් මොනව කරන්නද? සීයත් ඉල්ලගෙනනෙ නාගන්නෙ, දැන් දෙන්නත් එක්ක ඩෝසර් හොයනවා.

මේ දෙන්නා ඩෝසරයක් හොයාගෙන කඩයක් ළඟට ගියා, නෙතූ අහනවා කඩේ මාමාගෙන් ‘ඩෝසර් තියෙනවද?’
කඩේ මාමලත් ඉතින් නැති දෙයක් නෑ කියන්න කැමති නැහැනෙ, ඉතින් එයා කාර් එකක් පෙන්නල අහනවා බබා මේක ඕනෙද කියල.

නෙතූ        : මට ඕනෙ ඩෝසරයක්
කඩේ මාමා: බබා මේක ඕනෙද? (වෙනත් සෙල්ලම් බඩුවක් පෙනමින් )
නෙතූ        : මට ඕනෙ ඩෝසරයක්, ඩෝසර් නැද්ද?
කඩේ මාමා: බබා මේක ලස්සනයි (බෝනික්කෙක් පෙනමින් )
නෙතූ        : ඔයා ඩෝසර් දන්නෙ නැද්ද?

හික්.. හික්.. සීයට හොඳටම හිනා….

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s