පුංචි නෙතූගේ කතා….ළුණු ගෙඩියේ කතාව

නෙතූ පුංචි උනාට ටිකක් ලොකු වැඩ කරන්න තමයි කැමති. එයා අනිත් අයට උදව් කරන්නත් හරිම කැමතියි. කුස්සියෙ වැඩ වලට අම්මාම්මට උදව්කරනවා, මල් පැල වලට වතුර දාන්න උදව් කරනවා, සීයා එක්ක මාළුන්ට කෑම දානවා ගෙදර ඉන්න දවසට නෙතූට වැඩ ගොඩයි.

හැබැයි ඉතින් නෙතූ උදව් කරද්දි පැයක වැඩේට පැය දෙකක් විතර යනවා. ඒත් කරන්න දෙයක් නෑ, නෙතූට උදව් කරන්න හිතුනොත් උදව් කරලම තමා නතර වෙන්නේ.

ඔන්න ඉතින් නෙතූට නිවාඩු දවසක එහෙට මෙහෙට කැරකි කැරකි ඉන්න ගමන් නිකමට වගේ කුස්සිය පැත්තට ඔළුව දැම්මා. එකපාරටම නෙතූගෙ මූණෙ ලොකු හිනාවක් ඇඳුනා, අම්මම්මයි සීයයි දෙන්න ලොකු වැඩක්. ඒ දෙන්න ළුණු වල පොතු සුද්ද කරනවා. නෙත්තටත් හරිම සතුටුයි, එයා  එක පිම්මට පැන්න අම්මම්ම ලඟට.

‘අම්මම්මේ මටත් දෙන්න ළුනු ගෙඩියක්..’

අම්මමත් ඉතින් පොඩි ළුනු ගෙඩියක් නෙතූට දුන්න. එයා දන්නව නෙතූ උදව් කරන්න ආසයි කියල. ඔන්න ඉතින් දැන් හැමෝම වැඩ, ටික වෙලාවකින් නෙතූ කියනව,

‘සීයෙ මේක ඇතුලෙ ළුනු ගෙඩියක් නැහැනෙ….’ කියල

දන්නවද වෙලා තියෙන වැඩේ, නෙතූ ළුනු ගෙඩිය ඉවර වෙනකල්ම පොතු ගලවලා.
හික්.. හික්..

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s