පුංචි නෙතූගේ කතා….නෙතූ කාටූන් බලන හැටි

ඔන්න ඉතින් නෙතූගෙ නිවාඩු කලේ ආව, අහ්… මම කිව්වද නෙතූ මොන්ටිසෝරි යනවා කියල. කොහොම හරි මොන්ටිසෝරි  යන නිසා නෙ නිවාඩු කාලෙ ආවේ..

ඉතින් නිවාඩු කාලෙ අම්මයි තාත්තයි ආයෙත් චූටි ගෙදර වැඩ පටන් ගෙන. චූටි ගෙදර වැඩ ඔක්කොම ඉවර කරල තිබුනෙ නැහැනෙ, මතකනෙ චූටි අම්මගෙ වහල ගහපු කතාව. ඉතින් චූටි ගෙදර බාසුන් මාමල( නෙතූ කියන විදියට ) වැඩ කරන නිසා, නෙත්තයි අම්මයි තාත්තයි ආවා අම්මම්මලයි ගෙදර නතර වෙන්න. හේතුව මොකක් උනත් අම්මම්මලයි ගෙදර ඉන්නව කියන්නෙ නෙතූටනං ආසම දෙයක්. මොකද අම්මම්මයි, සීයයි නිතරම නෙතූ කියන ඕනෙ දෙයක් කරල දෙනවා ( සෙල්ලම් ගෙවල් හදන්න, සෙල්ලම් බත් උයන්න, කුරුල්ලන්ට කෑම දාන්න  ) නෙතූගෙ අම්මටයි තාත්තටයි ඉතින් ඕවට වෙලාව නැහැනෙ. අනිත් එක සුදු මාමත් එනවනෙ , නිවාඩුවක් ලැබුනොත් චූටම්මලත් එනවා. ඇයි ලඟපාත ගෙවල් වල ඉන්න යාළුවොත් එනවනෙ සෙල්ලම් කරන්න. ඒ යාළුවො ගැන වෙනම කතාවක් ලියන්නං, එච්චරට විස්තර තියෙනව එයාල ගැනත්.

ඉතින් දැන් නෙතූගෙ කාටූන් ගැනනෙ කියන්න ගියේ, හැමෝම දන්නවනෙ ටීවී එකේ නිවාඩු කාලෙට උදේම කාටූන් තියෙනවා කියලා. නෙතූත් ඉතින් උදෙන්ම නැගිටල කාටූන් බලන හොඳ බබෙක් 🙂

 

 

නෙතූ චූටි ගෙදර ඉන්න දවසට උදේට අම්මම්මලයි ගෙදර ටීවී එක බලන්නෙ සීයා, සීය උදේම පත්තර වල විස්තර තමයි බලන්නේ. නෙතූ අම්මම්මලයි ගෙදර ඉන්න දවසට මෙන්න මෙහෙමයි මේ දෙන්න ටීවී එක බෙදාගන්නෙ.

සීය නැගිටල ටීවී එක පැත්තට එද්දි නෙතූ ටීවී බලනව නං
නෙතූ – මමයි උදේම නැගිට්ටේ… ඒ නිසා අද මමයි උදේම ටීවී බලන්නේ. පත්තරේ නං බලන්න බෑ සීයේ…

නෙතූ නැගිටල ටීවී එක පැත්තට එද්දි සීය ටීවී බලනව නං
නෙතූ – සීයේ කාටූන් දාන්න… කාටූන් දාන්න…
සීයේ කාටූන් දාන්න… කාටූන් දාන්න…
( කාටූන් දැම්මට පස්සෙ තමා සද්දෙ නතර වෙන්නේ )

ඔන්න ඔහොමයි සීයයි නෙතූයි ටීවී බලන්නෙ 🙂

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s