අවුරුදු කුමාරි

අම්මම්මා හැමෝටම කවි ලියනවනේ… මේ අනූට අම්මම්මා ලියපු කවි. අනූ කියන්නෙ නෙතූගේ චූටම්මාගේ නංගි බබා.

baby_girl_bright_eyes_pencil_portrait.jpg-500x375බක් මාසයේ අවුරුදු නැකත          එළඹුණි
කොළඹින් ගමට ආවේ මගෙ පොඩි දියණී
දරුගැබ දරාසිටියත් කල් ඇති         බැවිනී
ජයටම අවුරුද්ද කන්නට සිත        නැමුණී
 
තව මාසයක් තිබුනා එලියට           එන්න
තුන්වෙනි මිනිබිරිය හට බැහැ   ඉවසන්න
අම්මල ආච්චිල දැන් අවුරුදු           කන්න
සැරසෙයි මමත් එනවා හනිකට     ඔන්න
 
නොනගතයටත් තව සුලු මොහොතයි  ඇත්තේ
අප නිවහනේ මහ කලබලයකි              සත්තේ
පොඩි දියණියද සමගින් බියරැඳි             චිත්තේ
නැගුනා රියට ඉගිලුනි රෝහල             පැත්තේ
 
“නයිම්” මැතිඳු අවුරුදු නැති          නිසාවෙනී
දෙවියෙක් විලස රෝහල වෙතට     පැමිණුනී
කඩිනම් සැත්කමක් කලයුතුය          කියවුනී
ශල්‍යාගාරයට දියණිය යොමු            කෙරිනි
 
මවත් දියණියත් විගසින්               වෙන්වූවේ
ආනාපාන නැත නිසිලෙස               සිදුවූවේ
මිණිබිරියත් රැගෙන හෙදියක් දිව       ආවේ
දැඩි සත්කාර ඒකකයට යොමු            වූවේ
 
ඇස් දෙක වසා නහයට බටයක් ද            දමා
කිරි කැටියාට උණුසුම විදුලියෙන්           තමා
මව් උණුසුම ද දෙතනේ කිරි නොමැත තෙමා
මව දුව දුටුවෙ දින තුනකට පසුව            තමා
 
අවුරුදු සිරිය කොයි තැනකද තිබුනෙ       නැත
ලිප ගිණි දැල්වුනේ නැත අහරක්ද            නැත
වැඩ ඇල්ලුවෙත් නැත ගණුදෙණු කිසිත්  නැත
එදිනට පසුව අවුරුද්දක් ගෙවී                   ඇත
 
මගෙ පොඩි මිනිබිරිය අද සුරතල්          වියට
පා තබමින්ම පළවෙනි උපන්            දිනයට
කිරිකැටි දත් ද පා පොඩි ඔසවමින්          සිට
බහ තෝරයි සෙමින් සුරතල් බස්         සුමට
 
අක්කා තාත්තා යන බස්            තෙපළන්නී
අම්මට “ඉමී” යන වදනින්           අමතන්නී
මාමා “මාම්මා”ලෙසමය              පවසන්නී
මුලු නිවසටම සිරි දෙව් දුව         කැදවන්නී
 
“අනුකි නිහිංසා” නම ඇය වෙත      ලැබුණී
හරි සුරතල්ය දඟගකාරය පොඩි         දියණී
මව හා පියාගෙන් කිසි අඩුවක්      නොවුණී
නෙතු අක්කාට සහ දිනෙලිට ඇය  නැඟණී
 
සුදු දුව ඔබේ ඉදිරිය තව සැප             වේවා
දැනුමෙන් ඉගෙනුමෙන් ඔබහට  ජයවේවා
රෝගාබාධ  දුක සංකානැති              වේවා
යහපත් කුල කතක වී ඔබ          වැජඹේවා
 
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s