Monthly Archives: July 2017

බූරු ඇඳ

අනුයි මිනුයි ලොකුසීයලාගෙ ගෙදර ගියා. එහේ බූරු ඇඳක් තිබුනා, ලොකු සීයා ඇඳ පිසදාලා එහෙම එලියට ගත්තා අනූලට වාඩිවෙන්න. අනූයි මිනූයි අම්මයි නෙතූ අක්කලයි හැමෝම මේකට වාඩිවෙන්න පැන්නා.

අම්මා ඉතින් මේ ඇඳේ විස්තර කියල දුන්නා, බූරු ඇඳේ නම හදුනු හැටි… ඒවා..මේවා…

ලොකු ආත්තම්මා bed sheet එකක් අරන් ආවා ඇඳට දාන්න, අනූ අහනවා
ඒක බූරු  bed sheet එකක් ද? 🙂

Related image

සම්බෝල ගෙඩිය

අනූයි මිනූයි නිවාඩු දවසට අම්ම එක්ක එක එක සෙල්ලම් කරනවා. එදා තුන් දෙනත් එක්ක ටී පාටි එකක් දාලා. මිදුලේ පැදුරක් දාගෙන තුන් දෙනත් එක්ක තේ බොනවා. මිනූ දුවල ගිහින් බිස්කට් ඉල්ලගෙන ආවා ඇන්ටිගෙන්, පීරිසියක තියලා බිස්කට් වර්ග දෙකක්ම ගෙනාවා. ඔයාල කැමති මොනාටද දන්නෙ නැහැනේ මම දෙකම ගෙනාවා, මිනූ කියනවා. මිනූගෙ ලොකු කතා.

Image result for abul dodam

තේ බීල ඉවර වෙලා, පැදුරේ හාන්සිවෙලා අහසේ වළාකුළු ගැන වටේට පේන ගස් ගැන කතා කර කර හිටියා. මිනූ එක පාරටම කියනවා සම්බෝල..සම්බෝල.. කියලා. අම්මට මේක හරියටම තේරුනේ නැහැ. ආයෙත් මිනූ කියනවා සම්බෝල..සම්බෝල..

අනූ උඩ බලාගෙන කියනවා, නංගී සම්බෝල නෙමෙයි ජම්බෝල. අම්මත් උඩ බැලුවමයි දැක්කේ, මිදුලේ තියෙන ඇඹුල් දොඩම් ගහේ ගෙඩියක් හැදිලා තියෙනවා.

සී එකයි, සී දෙකයි…

අනූ දැන් ගණන් කරන්න දන්නවා, ඉලක්කං දන්නවා. දවසක් අනූ ඔන්චිලි පදින ගමන් තනියම ගණන් කරනවා.

එකයි
දෙකයි
තුනයි
.
.
.
දහයයි
එකොලහයි
.
.
විස්සයි
.
.
තිහයි
.
.
.
අනූවයි
.
.
සීයයි
සී එකයි
සී දෙකයි
.
.

🙂

මෙන්න ටික දවසකින් මිනූ ගනන් කරනවා

එකයි
දෙකයි
තුනයි
.
.
.
දහයයි

එකොලහයි
දෙකොලහයි

🙂

 

දිවුල් පැණි බෝතලේ

අනූයි මිනූයි අම්මයි තාත්තයි අම්මම්මයි සීයයි සුදු මාමයි හැමෝම ලොකු සීයලාගෙ ගෙදර ගියා. ලොකු සීයාලාගේ පැත්තේ රස කිතුල් හකුරු, කිතුල් පැණි තියෙනවා. ආපහු ගෙදර එන ගමන් මිනූලත් පැණි බෝතලයක් ගෙනාවා.

මිනූ හරිම කැමතියි පැණි කන්න. ඉතින් පැණි ගෙනාව දවසෙ ඉඳන් කෑම මෙහෙමයි

තෝසෙ + පැණි
රොටි + පැණි
පාන් + පැණි
යෝගට් + පැණි

හැබැයි මිනූට පැණි වල නම අමතක වෙනවා කිතුල් පැණි වලට මිනූ කියන්නේ දිවුල් පැණි ( දිවුල් වල පාට නිසාද දන්නේ නෑ ).

පැණි ගෙනාව සතියේ නිවාඩු දවසේ මිනූට ලොකු ප්‍රශ්නයක්, අනිත් අය එයාට ආදරේ තරම හොයාගන්න. හැමෝගෙම ලඟට ගිහින් අහනවා එයාට කොච්චර ආදරේද කියල. හැමෝම එක එක විදියෙ උත්තර දෙනවා.

මෙච්චර විතර ආදරෙයි
ලෝකෙ තරම් ආදරෙයි

මිනූ අම්මා ලඟටත් ගිය මේ ප්‍රශ්නෙ අහගෙන, අම්මා දන්නවනේ මිනූ ගැන ඉතින් අම්මා කිව්වා

දිවුල් පැණි බෝතලයක් තරම් ආදරෙයි කියලා

මිනූගෙ මූන මලක් වගෙ.. ලොකු හිනාවක් ආවා මූනට.. මිනූ හොයාගත්තා එයාට වැඩියෙන්ම ආදරේ කව්ද කියලා.  🙂