Daily Archives: August 3, 2017

හොරා ගෙන් හොරකම් කිරීම

අනූගේ පන්තියේ යාළුවෙක්ගේ ඉන්නවා යෙනුල කියලා. එයාගෙ තාත්තා වැඩකරන්නේ පොලීසියේ. ඉතිං යෙනුල හැමදාම පන්තියෙ කියන්නේ හොරුන්ගේ කතා. අනූ මේ කතා අහගෙන ඉඳලා ගෙදර ඇවිත් අම්මට කියනවා.

අනූ: ‘අම්මා ඔයා දන්නවද හොරු කියලා කට්ටියක් ඉන්නවා.’

අම්මත් ඉතිං අහගෙන ඉන්නවා.

අම්මා: ‘ආ… ඇත්ත ද? එයාලා මොකද කරන්නේ ?’
අනූ: ‘ඔව්.. ඔව්.. ඉන්නවා. එයාලා හොරකං කරනවා.’
අම්මා: ‘ඒ කියන්නේ ?’
අනූ: ‘එයාලා අපේ ලඟ තියෙන සල්ලි ගන්නවා.’
අම්මා: ‘ඉතිං ?’
අනූ: ‘මගේ කැටේ හංගන්න ඕනේ හොරුන්ට ගන්න බැරිවෙන්න.’

අනූ දුවලා ගිහින් කැටේ හංගනවා. හංගලා ආයෙත් අම්මා ලඟට එනවා ඉතුරු ටික කියන්න.

අනූ: ‘අම්මා හොරු අපේ සල්ලි ගත්තම අපිට සල්ලි නැතිවෙනවද ?’
අම්මා: ‘ඔව්’
අනූ: ‘එතකොට අපි එයාලගෙන් හොරකං කරනවද ?’

කොහොමද අනූගෙ මොලේ, හොරුන් ගෙන් හොරකං කරන්නයි plan එක  🙂

අම්ම හෙමීට කියලා දුන්නා හොරකම් කරල නෙමෙයි හැමෝම සල්ලි හොයන්නේ, වැඩ කරලා කියලා.

කතා කරන්නේ නහයෙන්

අම්ම දවසක් අනූලට කෑමක් හදන වෙලාවක අම්මගෙ phone එක ring උනා. අම්මත් ඉක්මනට ගිහින් බැලුව, දන්නෙ නැති number එකකින් call එකක්.

අයියෝ ඉතිං අම්මට හරිම කරදරයි ඒක, හෙලෝ කියපු ගමන්ම එහ පැත්තෙන් අහනවා

‘කොහෙන්ද කතා කරන්නේ…’

අම්මට තියෙන කරදරම ප්‍රශ්නෙ තමයි ඕක,අම්ම උත්තරයක් නොදීම phone එක පැත්තකින් තිබ්බා.

එතකොටම වගේ අනුයි තාත්තයි එතනට ආවා. මෙයාලට පේනවා අම්මගෙ කරදර මූන. තාත්තා අහනවා

‘මොකද උනේ ?’

අම්මා ඉතිං විස්තරේ කිව්වා. තාත්තා කියනවා

‘ඉතිං ඔයා කිව්ව නං හරිනේ කතා කරන්නේ කටින් කියලා’

මේ ඔක්කොම අහගෙන ඉඳලා අනූ කියනවා

‘අම්මා ආයෙත් කව්රු හරි ඇහුවොත් අම්මා කියන්න නහයෙන් කියලා’