අනූ මිනූ school කතා

#1

මිනූ කැමති ලොකුවෙලා ටීචර් කෙනෙක් වෙන්නලු. එක දවසක් උදේ school යන්න අඳින ගමන් මිනූ කියනවා. තාත්තා .. මම ටීචර් කෙනෙක් උනාම බබාලට සැර කරන්නෙම නෑ. ආදරෙන්ම උගන්නනවා. කොච්චර දඟකලත් සැර කරන්නේ නෑ.

( මිනූගෙ ටීචර් සැරයි වගේ 🙂 )

#2

අනූ ගිය දෙවෙනි දවසෙ අම්මට ටයි එක දාන්න අමතක වෙලා, එදා අනූගේ පංතියේ ටීචර්ලා තුන්දෙනයි. හවස අනූ ගෙදර ආවම අම්මා ඇහුවා. “පුතේ ටීචර් මොකද ඇහුවෙ ටයි එක ගැන ?”
“අයියෝ අම්මා එයාලා ප්‍රශ්න පත්තර තුනක් වගේ දිටම අහනවා කෝ ටයි එක? කෝ ටයි එක? කෝ ටයි එක? කියලා.මට ඉතින් උත්තර දෙන්න වෙලාවක් ලැබුනේ නෑ. 🙂 ”

#3

අම්මා අනූව ගන්න හැමදාම ඉස්කෝලෙ ලඟට යනවා. මෙහෙම ගිහින් ආපහු එන ගමන් අම්මා විස්තර අහනවා අනූගෙන්.

අද මොනවද පුතේ කලේ?
සෙල්ලම් කලාද?
අකුරු ලිව්වද?
කෑම ටික කෑවද?
මේ වගේ දේවල් අහනවා.

එක දවසක් අම්මා අහනවා, පුතේ මම රස කෑමක් දැම්මා interval එකට කන්න ඔයා කෑවද?
අනූ ටිකක් කල්පනා කරල කියනවා,

“අම්මා ඒක තව පොඩ්ඩක් රස වෙන්න හදන්න බැරිද?”
අම්මටත් නිකං ඉන්න බැරිකමට කෑම හදලා දෙනවට හොඳ වැඩේ. 🙂

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s