Category Archives: Stories of Anu

තාත්තා ඔයාට ආදරෙයි

අත්තම්මා අනූලට තැඹිළි එවලා, අනූයි අම්මයි තැඹිළි ගෙඩියක් කපනවා එලියේ. තාත්තා ගේ ඇතුලේ වැඩක් කර කර හිටියේ, අම්මා අනූට කියනවා. කෝ අනේ ඔයාගේ තාත්තා එන්නේ නැද්ද අපට උදව් කරන්න.

අනූ කැමතිනෑ තාත්තට මොනවත් කියනවට.

අනූ – මගේ තාත්තා ඔයාට ආදරෙයි
අම්මා – ඇත්තද? ඔයා කොහොමද දන්නේ?
අනූ – මම දන්නවා
අම්මා – ඔයාට කිව්වද?
අනූ – නෑ
අම්මා – එහෙනං කොහොමද ඔය දැන ගත්තේ?
අනූ – එයා ඔයාට පෙන්ඩන්ට් එකක් අරන් දුන්නනේ.. අන්න එදා තමයි මම දැනගත්තේ…

Advertisements

ඉත්තෑවෙක් ගන්න

අනූයි මිනූයි කාමරේ සෙල්ලම් කරනවා snack & ladders අම්මත් හොඳට අහගෙන ඉන්නේ මොකද මේදෙන්නගෙ සෙල්ලම කොයිවෙලාවේ රන්ඩුවක් වෙයිද දන්නෙ නැහැනේ.

මිනූ කියනවා අක්කට ඔයා ඉත්තෑවෙක් ගන්නකෝ
අක්කා – ඉත්තෑවෙක් ?
මිනූ – හරි ඉත්තෑ පැටියෙක් ගන්නකෝ

Related image

අම්මත් හෙමීට ඔළුව දාලා බැලුවා.

අක්කා – මිනූ, ඉත්තෑවෙක් නෙමෙයි ඉත්තෙක්…. 🙂

ජොන්සන් ගේ කතා

මිනූ school යන පාරේ ඇලක් තියෙනවා, ඇලක් කිව්වට මේක ටිකක් ලොකුයි, ටිකක් ලොකු කුනු ඇලක්. මේ ඇලේ ඉන්නවා කිඹුලෙක්. ඉන්නවා කිව්වට මිනූ දැකල නෑ, අම්මා තමයි දවසක් දැකල ඇවිත් මිනූට කිව්වේ. එදා ඉඳලා මිනූ ඇල දැකපු ගමන්ම කිඹුල ගැන තමයි කතාව. මිනූ කිඹුලට නමකුත් දැම්මා “ජොන්සන්” අනූ කිඹුලට surname එකක් දැම්මා “විජේසේකර” (අනූගෙ class එකේ යාළුවෙකුගෙ surname එකක්).

දැන් ඉතිං ජොන්සන් විජේසේකර ගැන කතා ගොඩයි. ජොන්සන්ට අම්ම කෙනෙක් ඉන්නවා, ජොන්සන්ගෙ පුතා school යනවා, ජොන්සන් අද උදේට කෑවේ මේවා, ඔය වගේ කතා ගොඩායි. මිනූට ජොන්සන් ගැන ප්‍රශ්ණත් ගොඩයි.

මුලින්ම පොඩි පොඩි ප්‍රශ්න:
අම්මා ජොන්සන්ගෙ ගෙදර තියෙන්නෙ කොහෙද?
අම්මා ජොන්සන් නිදා ගන්නේ කොහෙද?

ඊට පස්සේ analyse කරනවා:
ජොන්සන් පීනනවද?
එයාට මාළුන්ට වගේ වරලක් නැහැනේ
එයා වතුරෙමද ඉන්නේ ගොඩටත් එනවද?

අළුත්ම ප්‍රශ්නේ තමයි:
අම්මා ජොන්සන්ට දාඩිය දැම්මම එයාගේ අම්මා එයාට පවන් ගහන්නේ කොහොමද?

ඇත්ත තමයි කොහොමද වතුර ඇතුලෙ පවන් ගහන්නේ 🙂

අනූගේ Life Cycle එක

අනූ කියන විදියට Life Cycle එක මෙහෙමයි

දැන් මම grade 1 නෙ
ඊට පස්සේ grade 2
ඊට පස්සේ grade 3
.
.
.
ඊට පස්සේ grade 13
ඊට පස්සේ කැම්පස්
ඊට පස්සේ ජොබ්
ඊට පස්සේ මැරෙනව

Image result for life cycle

හරිම සරලයි 😀

සාදුලාට යන්න පාරක්

අනූයි මිනූයි අම්මම්මලයි ගෙදර ගිහින්, අම්මම්මා ගෙදර ඉස්සරහ තියෙන Veranda එක සෝදලා. දැන් දෙන්නටම ඉවසිල්ලක් නෑ මේ වතුර ගොඩට පැනගන්න.

අම්මම්මා සද්දයක් දාලා පොඩ්ඩක් බය කරගෙන තමයි මේ දෙන්නා වතුරට යන්න නොදී තියාගන්න්නේ. දැන් මේ දෙන්නට මෙතනට යන්නම ඕනෙ නිසා අම්මම්මා ගේ ඇතුලෙන් පරන රෙදි කෑලි ටිකක් ගෙනත් වතුර පාගන්නේ නැතුව යන්න පුලුවන් විදියට Veranda එක දිගට දැම්මා. අනූ හොඳට බලාගෙන හිටියා, ඊට පස්සේ අහනවා

“අම්මම්මා සාදුලාට යන්න පාරක් හදනවද?”

අනූගෙ හිතුවේ අම්මම්මා පාවාඩ එලනව කියලා.

තොත්ත බබා

අනූගෙයි මිනුගෙයි අම්මා එයාලගෙ තාත්තට කත කරන්නේ බබා කියලා. ඉතින් අනූට මේක අලුත් දෙයක් නෙමෙයි, ඒත් එක දවසක් අනූට තදවෙලා ඉන්න වෙලාවක අම්මා තාත්තට බබා කියල කතා කලා. මේකට අනූට තරහ ගියා.

අනූ අම්මගෙන් අහනවා, ඇයි ඔයා තාත්තට බබා කියන්නේ එයා පොඩි

credential_baby

බබෙක් ද?

අම්මා – ඔව් අනේ එයා තාම බබෙක් වගේ වැඩ කරන්නේ, කෑම අඳුමෙ හලා ගන්නවා,

වතුර බිම හලනවා, කෑම පෙට්ටිය office එකේ අමතක කරල එනවා…

අනූ ගියා තාත්තා ලඟට, ගිහින් කියනවා

අනූ – ඔයා නං තොත්ත බබෙක්

අම්මා ඔයාට ඇත්තටම ආදරෙයි

සෙනසුරාදා දවසක අනුයි මිනුයි තාත්තයි හොන්ඳටම වැඩ, උඩ නගිනවා, ඇන ගහනවා වැඩ ගොඩයි. ටික වෙලාවකින් බලද්දී තාත්තා පුටුඇන්ද උඩ හිටගෙන, මේක දැක්කම අම්මට හොඳටම තරහයි. ඇයි ඉතින් වැටිලා අත පය කඩා ගත්තොත්. අම්මා කේන්තියෙන්ම ඇවිත් දුන්නා තාත්තගේ පස්සට එකක්.

මේක අනූ දැක්කා, අනූගෙ මූන නරක් උනා, දඩ බඩ ගාල අම්මා ලඟට දුවගෙන ආවා. ආව විදියට අම්මට තේරුනා මොකද කලබලේ කියලා. අම්මා අනූට කියනවා

“බලන්න පුතේ තාත්ත කරන වැඩ, ඔතනින් වැටුන නං එයාට තුවාල වෙනවනේ”. අනූ ටිකක් කල්පනා කලා.

හෙමින් හෙමින් තාත්තා ලඟට ගියා, ගිහින් කියනවා “තාත්තේ, අම්මා ඔයාට ඇත්තටම ආදරෙයි”