Category Archives: Stories of little girl

තාත්තා නිවාඩුවට ඉන්න හැටි

නිවාඩු දවසට අනූටයි මිනූටයි හරි සතුටුයි නේ, අම්මයි තාත්තයි ගෙදර ඉන්න නිසා. ඉතින් අම්මයි තාත්තයි පුරුදු වෙලා ඉන්නේ office යන දවසයි, ගෙදර ඉන්න දවසයි වෙන්කරල අනූටයි මිනූටයි කියල දෙන්න.

අනූ කැලැන්ඩර් එක බලන්න දන්නවා, කළු දවසට office රතු දවසට නිවාඩුයි. 🙂

ඔන්න එක නිවාඩු දවසක තාත්තා කිව්වා, පුතේ අද මට නිවාඩුයි කියලා.

මිනූට හරි සතුටුයි, සතුටට දුවගෙන ගියා aunty ලඟට ගිහින් කියනවා. aunty auntiiiiii අද තාත්තා කෙලින් ඉන්නවා.

මිනූ කියන්න හැදුවෙ මොකද්ද කියල හිතා ගන්න පුලුවන්ද?

වෙනදට තාත්ත ගිහින් ඇවිත් රෑටනේ ගෙදර ඉන්නේ, අද කෙලින්ම ගෙදර ඉන්නවා කියලද මන්ද කිව්වේ.

Advertisements

Humpty Dumpty කෝ…

නිවාඩු දවසක අම්මයි තාත්තයි අනූයි මිනූයි ගාලු කොටුව බලන්න ගියා. ලඟට යන්න කලින්ම කොටු බැම්ම ලොකුවට පේනවානේ, ඉතින් අම්ම මේක පෙන්නුව මිනූට. මිනූත් හොඳ උනන්දුවෙන් පහත් වෙවී නැවි නැවී බලනවා.

හොඳට බලලා බලලා මිනූඅහනවා “කෝ ඉතින්  Humpty Dumpty ?”

Image result for Humpty Dumpty

පැහැදිලි කිරීම: Humpty Dumpty එකේ තියෙන wall එක කොටු බැම්ම වගේනේ, ඒ වගේ ගල් ගල් වලින් හැදුනු බැම්මක් මිනූ කලින් දැකලම නෑ. ඉතින් මිනූ හිතුවා මේ තියෙන්නේ Humpty Dumpty ඉන්න තැන තමයි කියලා.

දම් වැලේ කතාව

අනූයි මිනූයි අම්මයි තාත්තයි එක්ක නිවාඩු දවසට ඇවිදින්න යනවනේ, ඔහොම යනකොට අලුත් අලුත් දේවල් දකිනවා. ඉතින් ප්‍රශන ගොඩයි. ඒ මොකද්ද?… එහෙම වෙන්නේ ඇයි?…

ඔන්න දවසක් ඇවිදින්න ගිහින් අනූලා නැංගුරමක් දැක්කා. අම්මත් ඉතින් නැංගුරමෙ විස්තර ඔක්කොම කියලා දුන්නා. අනූත් ඔක්කොම විස්තර ටික හොඳට අහගෙන හිටියා. අන්තිමට අම්මා කිව්වා නැංගුරම නැවට හයි කරලා තියෙන්නේ දම් වැලකින් කියලා.

Image result for ship anchors

අනූගේ ප්‍රශ්නේ: ඒ දම් වැලේ දං ගෙඩි හැදෙනවද?

මිනූ ගේ ඉංග්‍රීසි Story #1

අනුයි මිනුයි හරිම ආසයි අම්මයි තාත්තයි දෙන්නා ගෙදර ඉන්න දවසට, එදාට ඇවිදින්න යන්න පුලුවන්නේ.අනුයි, මිනුයි, අම්මයි, තාත්තයි වැඩිපුරම යන්නේ සෙල්ලම් කරන්න, ඇවිදින්න පුලුවන් තැන්වලට තමයි. දවසක් මේ විදියට සෙල්ලම් කරන්න ගිහින්, පැය ගානක් සෙල්ලම් කරලා… සෙල්ලම් කරලා…සෙල්ලම් කරලා…  ගෙදර යන වෙලාවත් ඇවිත්.

අනූටයි මිනූටයි ගානක්වත්නෑ, අම්මට නං ඇතිවෙලා. අම්ම අනූටයි මිනූටයි කතා කරනවා ගෙදර යන්න.

පුතේ දැන් ඇති නේද?uncategorized-childrens-play-area-fencing-childrens-play-areas-hampshire-childrens-play-areas-hertfordshire-childrens-play-areas-high-wycombe-childrens-play-areas-hemel-hempstead-childrens
සද්දයක් නැහැ.. අම්මා තව ටිකක් වෙලා ඉඳලා ආයෙත් අහනවා

දැන් ගෙදර යමු නේද?
තව ටිකකින් ආයෙත් අම්මා අහනවා

දැන් යමු මගේ කකුල් දෙකත් රිදෙනවා
දෙන්නම සද්දයක් නෑ.. සෙල්ලම් කරනවා…

අම්ම යන්තං පස්සෙන් දුවලා අනූව අල්ලගත්තා, ඒත් මිනූ play area එකේ ලොකු slider එකක් උඩ.අම්මට එතනට නගින්නත් බෑ, මිනූ බිමට එන්නෙත් නෑ. අම්මට කතාකරලම එපා වෙලා අම්මා කියනවා..

බබා shall we go?

මිනූගෙ උත්තරේ
I’m fine, thank you.

අම්මටයි මේ කතාව අහගෙන හිටිය තාත්තටයි හොඳටම හිනා. හිනා වෙලා හිනා වෙලා අම්මගෙ මහන්සියයි ගෙදර යන්න ඕනෙකමයි දෙකම නැති උනා.ඉතින් අනුයි මිනුයි තව පැයක් විතර සෙල්ලම් කරල තමයි ගෙදර ගියේ…

 

පුංචි නෙතූගේ කතා….නෙතූගෙන් ලියුමක්

මේක වැඩිය දිග කතාවක් නෙමෙයි, නෙතූගෙන් චූටම්මට ලියුමක් ඇවිත්. ඔයාලම බලන්නකෝ ලියුම. හැබැයි මේක ලියල තියෙන්නේ නෙතූගෙ අම්මා, නෙතූට තම අකුරු ලියන්න බැහැනේ. ලියන්න ඕනෙ දේවල් කියල තියෙනේ නෙතූ.

Address එක ලියලාතියෙන්නේ නෙතූ

පුංචි නෙතූගේ කතා….චූටම්මාගෙ ටෙලස්කෝප් එක

නෙතූ සතියකට දවස් දෙකක්වත් චූටම්මත් එක්ක phone එකෙන් චැට් එකක් දානවා. ඔහොම කතා කර කර ඉන්න ගමන් දවසක් නෙතූ එයට ලැබුනු තෑග්ගක් ගැන විස්තර කියනවා.  ඒක අම්මම්මා තමයි නෙතූට ගෙනත්දීල තියෙන්නේ. අම්මම්මා ඉතින් ඔය ගැන කලින්ම චූටම්මට කියල තිබුනේ.

ඒත් ඉතින් චූටම්මත් දන්නේ නෑ වගේ ඔක්කොම විස්තර ටික අහගෙන ඉන්නවා. කලින් දන්න news එකක් උනත් නෙතූ කියද්දි හරිම ලස්සනයි. අතිනුත් කෑලි දාලා, හොඳට ඇදලා, නලවලා එහෙම කියදිදී අහගෙන ඉන්න ආසහිතෙනවා. කොහොම හරි නෙත්තා විස්තර කියාගෙන යද්දී චූටම්මටත් කට තියාගෙන ඉන්නම බෑ.

චූටම්මා : ඔයාගෙ තෑග්ග මට පේනවා.
නෙතූ    : ඒ කොහොමද? (පුදුමයෙන් )
චූටම්මා : ඒක රතු පාටයි නේද ?
නෙතූ    : ඇත්තටම ඒක රතුපාටයි තමා… කොහොමද ඔයා දන්නේ…
චූටම්මා : මට පේනවනේ ඉතින්
නෙතූ    : කොහොමද ඒ..ඔයා ඉන්නේ දුර නේ..

දැන් ඉතින් මොනාහරි කියන්නත් එපැයි

චූටම්මා : මගේ ලඟ තියෙනවා දිග බටයක්, ඒකෙන් බැලුවම පේනවා.

නෙතූ    : (ටික වෙලාවක් සද්දයක් නෑ)
ඔයලඟ තියෙන්නෙ telescope එකක්ද?

චූටම්මා නිකමට වත් හිතුවෙ නෑ telescope එකක් ගැන නෙතූ දන්නව ඇති කියලා, ඔය නිකමට බටයක් ගැන කිව්වට.

 

පුංචි නෙතූගේ කතා….නෙතූගේ වගාව සහ April Fool

නෙතූයි, අම්මම්මයි එකතුවෙලා නෙතූලගේ චූටි ගෙදර එහා පැත්තෙ වගා කරනවා. වගාවේ වම්බටු, මිරිස්,  බන්ඩක්කා, ළුණු කොළ තියෙනවා. තව අන්නාසි, කෙසෙල් එහෙමත් තියෙනවා.නෙතූ හරිම කැමතියි අම්මම්මයි සීයයි එක්ක එකතුවෙලා වගා කරන්න.  මේ තුන්දෙනා හැමදාම හවසට වගාවට වතුර දානවා.

වගාවෙ එළවළු කැඩුවම නෙතූලටයි, අම්මම්මලාටයි තමයි ඉතින්, අම්මම්මලා චූටි අම්ම බලන්න කොළඹ එන දවසට නෙතූගෙ වගාවෙන් එළවළු ටිකක් චූටි අම්මටත් ලැබෙනවා.

නෙතූ ඉතින් චූටි අම්මට කෝල් කරද්දී වගාවේ විස්තර කියනවා. අලුත් කොළ හැදිලා තියෙන හැටි, පොඩි පොඩි ගෙඩි හැදිලා තියෙන හැටි, ඒවා ලොකුවෙන හැටි. චූටි අම්මත් ඉතින් ඔක්කොම විස්තර ටික දන්නවා කොළඹ හිටියට.

දවසක් උදේම නෙතූ ගෙන් චූටි අම්මට කෝල් එකක් ආවා,

නෙතූ   : චූටි අම්මේ ඔයා දන්නවද වැඩක්
චූටම්මා : නැහැ නේ, මොකද්ද?
නෙතූ   : අපේ වගාව ඔක්කොම වඳුරෝ කාලා..
අපි ඊයේ චූටි නැන්දලාගෙ ගෙදර ගියානේ, ඒ වෙලාවේ කාලා තියෙන්නේ
චූටම්මා : අපරාදෙ.. ඔක්කොම කලාද?
නෙතූ   : නෑ නෑ ටිකයි කාලා තියෙන්නේ..
චූටම්මා : අපරාදෙනේ…ගස් ටිකත් කාලාද? ගෙඩි ටික විතරයි ද?
නෙතූ   : නෑ නෑ චූටම්මා, මම බොරු කිව්වේ
අද බොරු කියන දවසනේ

ඒ වෙලාවේ තමයි චූටි අම්මට මතක් උනේ එදා  April 1st කියලා

——————————————

තව පොඩි කතාවක් තියෙනවා නෙතූගෙ වගාව ගැන, අම්මම්මයි සීයයි කොළඹ යන්න ලෑස්ති වෙනවා. චූටම්මට එළවළු එහෙම කඩාගෙන. නෙතූට චූටම්මලාගෙ ගෙදර යන්න විදියකුත් නැහැ, අම්මම්මලා එයාව දාලයන එකටත් නෙතූ එච්චරම කැමති නැහැ, ඒත් මේක කියා ගන්න විදියක් නැතුව ටිකක් එහාට මෙහාට කැරකි කැරකි හිටිය නෙතූ අම්මම්මට මෙන්න මෙහෙම කියනවා.

“ඔයාල කොළඹ යනවනං අපිට බෑ වගාවට වතුර දාන්න”

හික්.. හික්.. කොහොමද නෙතූගෙ වැඩ. ඒත් නෙතූට බැරි උනා අම්මම්මව නතර කරගන්න.