අනූගේ Life Cycle එක

අනූ කියන විදියට Life Cycle එක මෙහෙමයි

දැන් මම grade 1 නෙ
ඊට පස්සේ grade 2
ඊට පස්සේ grade 3
.
.
.
ඊට පස්සේ grade 13
ඊට පස්සේ කැම්පස්
ඊට පස්සේ ජොබ්
ඊට පස්සේ මැරෙනව

Image result for life cycle

හරිම සරලයි 😀

Advertisements

කැස්ස පැණිය

මිනූයි අම්මයි උදේම ගියා මිනූට බෙහෙත් ගන්න. මිනූ ඉතින් නිතරම ලෙඩක් නේ. ගිහින් එනගමන් අම්මාට කැස්සක් ආවා, ඉතිං අම්මා මිනූට කියනවා.

අම්මා: පුතේ ගෙදර ගියාම මට කැස්ස පැණි ටිකක් බොන්න මතක් කරන්න.
මිනූ    :හා.. ඒවා බොන්නේ කැස්සටද?
අම්මා: ඔව්
මිනූ    :කැස්ස වැඩි වෙන්නද? අඩු වෙන්නද?
අම්මා:කෙල්ල….දැන් නං හොඳටම ගානට වැඩියි….
මිනූ    :ඉතිං මම ඇහුව විතරනේ බෙහෙත් පෙව්වේ නැහනේ

ඔන්න ඔහොමයි චූටි මිනූගෙ කතා.

මිනූගේ යකා photo එක

මිනූ දවසක් නින්දෙන් ඇඳෙන් බිමට පෙරළුනා. ඒ වෙලාවේ පොඩ්ඩක් කෙඳිරිගාලා ඊට පස්සේ හොඳට නිදාගත්තා. ඊට පස්සේ දවසෙත් උදේ හොඳට හිටියා, ටිකක් දවල් වෙද්දි මිනූගෙ සද්දෙ ටික ටික අඩු උනා, දැඟලිල්ලත් අඩුයි. අත රිදෙනව කියල අත හොල්ලන්නෙත් නෑ, වඩාගන්න දෙන්නෙත් නෑ. දැන් නං අම්මයි තාත්තයි දෙන්නත් බය උනා. ඇයි ඉතිං මිනූ එහෙම ලේසියෙන් එකතැනක ඉන්න ළමයෙක් නෙමෙයිනේ. හවස් වෙද්දි අම්මයි තාත්තයි මිනූවත් උස්සගෙන doctor uncle බලන්න ගියා.

Doctor uncle මිනූව බලලා x-ray එකක් ගන්න කිව්වා. මිනූ කලින් x-ray එකක් අරගෙනමනෑ, මිනූ විතරක් නෙමෙයි මිනූගෙ අම්ම අරගෙනත් නෑ 🙂  දැන් අම්මයි තාත්තයි මිනූයි යනවා x-ray එකක් ගන්න, යන ගමන් මිනූ අහනවා

මිනූ     : කොහේද අම්මේ අපි යන්නේRelated imageඅම්මා : අපි ඔයාගේ x-ray එකක් ගන්න යන්වා
මිනූ     :ඒ කිව්වේ
අම්මා :ඒක photo එකක් වගේ
මිනූ     :හා

මිනූ කැමතියි photo ගන්න, ඒ නිසා හරි සතුටින් ගියා. හොඳට x-ray එක ගන්න හොඳට හිටියා. පොඩ්ඩක් වෙලායද්දි x-ray එක ගත්තු මාමා report එක ගෙනත් දුන්නා. අම්මයි තාත්තයි කලබලේට මේක ඇරල බලනව ( බයවෙලානේ ඉන්නේ ).

මිනූත් ඔළුව දාලා බැලුවා, ආයෙත් හොඳට බැලුවා, බලලා අහනවා
මිනූ         : මේ මම ද?
තාත්තා  :ඔව්
මිනූ         : මම යකෙක් ද?
අම්මටයි තාත්තටයි හොඳටම හිනා.

අම්මා ජීවත්වෙන තැන

මිනූගේ අම්ම සෙනසුරාදා උදේ ඉඳන්ම ගෙදර වැඩ, මිනූ මේකට වැඩිය කැමති නෑ ඒත් පාඩුවේ හිටියා. අම්මා උදේම අනූගෙයි මිනූගෙයි school bags හේදුවා, වතුර බෝතල් වල බෙල්ට් හේදුවා, සපත්තු හේදුවා, class bag හේදුවා, ඊට පස්සේ bathroom එකත් හේදුවා. මේවා ඉවර වෙද්දි අම්මට මහන්සියි, අනූයි මිනූයි දෙන්න පේන්ට් කරනවා. ඉතින් අම්මා හිතුවා ඉක්මනට නාගෙන මේ දෙන්නා ලඟට එනවා කියලා.

අම්මා නාන්න පටන් ගත්ත විතරයි අම්මා එනකල් බලාගෙන හිටි

ය මිනූට තරහ ගියා. bathroom එක ලඟට ආවා,

දොරට හය්යෙන් දෙකතුනක් තට්ටු කලා, ඊට පස්සේ අහනවා
“අම්මා ඔයා ඕක ඇතුලෙද ජීවත් වෙන්නේ”

සාදුලාට යන්න පාරක්

අනූයි මිනූයි අම්මම්මලයි ගෙදර ගිහින්, අම්මම්මා ගෙදර ඉස්සරහ තියෙන Veranda එක සෝදලා. දැන් දෙන්නටම ඉවසිල්ලක් නෑ මේ වතුර ගොඩට පැනගන්න.

අම්මම්මා සද්දයක් දාලා පොඩ්ඩක් බය කරගෙන තමයි මේ දෙන්නා වතුරට යන්න නොදී තියාගන්න්නේ. දැන් මේ දෙන්නට මෙතනට යන්නම ඕනෙ නිසා අම්මම්මා ගේ ඇතුලෙන් පරන රෙදි කෑලි ටිකක් ගෙනත් වතුර පාගන්නේ නැතුව යන්න පුලුවන් විදියට Veranda එක දිගට දැම්මා. අනූ හොඳට බලාගෙන හිටියා, ඊට පස්සේ අහනවා

“අම්මම්මා සාදුලාට යන්න පාරක් හදනවද?”

අනූගෙ හිතුවේ අම්මම්මා පාවාඩ එලනව කියලා.

තොත්ත බබා

අනූගෙයි මිනුගෙයි අම්මා එයාලගෙ තාත්තට කත කරන්නේ බබා කියලා. ඉතින් අනූට මේක අලුත් දෙයක් නෙමෙයි, ඒත් එක දවසක් අනූට තදවෙලා ඉන්න වෙලාවක අම්මා තාත්තට බබා කියල කතා කලා. මේකට අනූට තරහ ගියා.

අනූ අම්මගෙන් අහනවා, ඇයි ඔයා තාත්තට බබා කියන්නේ එයා පොඩි

credential_baby

බබෙක් ද?

අම්මා – ඔව් අනේ එයා තාම බබෙක් වගේ වැඩ කරන්නේ, කෑම අඳුමෙ හලා ගන්නවා,

වතුර බිම හලනවා, කෑම පෙට්ටිය office එකේ අමතක කරල එනවා…

අනූ ගියා තාත්තා ලඟට, ගිහින් කියනවා

අනූ – ඔයා නං තොත්ත බබෙක්

කනිපින්දම් අහන්න එන්න

නිශ්ශබ්දම නිශ්ශබ්ද තැනක ඉඳල තියෙනවද? හුස්ම ගන්න සද්දෙත් ඇහෙන වගේ තැනක. Keyboard එකේ key එකක් press කරන සද්දෙ, උදැල්ලකින් පොළව කොටනව වගේ ඇහෙන office එකක. ඒ වගේ තැනක කොච්චර වෙලාවක් ඉඳල තියෙනවද? උදේ 9 ඉඳන් හවස 5-6 වෙනකල්.

🙂500_F_221186903_atNDEgq5tvCjRUQ2hkKmcBWZJhXPkHOA

සද්දයක්, වාහනයක්, මනුස්සයෙක් නැති පාරක කොච්චර දුරක් ගිහින් තියෙනවද? ගෙවල්, ගොඩනැගිලි වටේම තිබුනත් කට හඬක් වත් ඇහෙන්නේ නැති පළාතක, එක දොරක්, ජනේලයක් වත් ඇරල නැති පළාතක, පයින් ඇවිදගෙන ඇවිදගෙන කිලෝමීටර් 10ක් – 11ක්. Map එක විතරක් බලාගෙන.

🙂

වටේ ඉන්න හැමෝම වෙනම භාෂාවකින් කතා කරන තැනක ඉඳල තියෙනවද? අහන්න ඕනෙ දෙයක් අහන්න කලින් ඔයාට ඉංග්‍රීසි තේරෙනවද කියල අහන්න වෙන තැනක, කඩේකට ගියාම ඉංග්‍රීසියෙන් ලියපු කොලයක් / මෙනු එකක් ඉල්ලා ගන්න වෙන තැනක.

🙂

500_F_221187004_msDxpfQT6vVzO1Wt5gYNrXJpAubuUG57

කන්න ගන්න කෑම එකේ මොනවද තියෙන්නේ කියල දන්නේ නැතුව කාලා තියෙනව්ද? රතු පාටට තියෙනේ මිරිස්ද, තක්කාලි සෝස්ද කියලා කාලම බලන්න සිද්දවෙන තැනක. Meat කිව්වම මොන meat ද කියල කියන්න දන්නෙත් නැති, අහල දැනගන්නත් බැරි තැනක.

🙂

පැහැදිලි කිරීම :

කනිපින්දම් කියන්නේ පැමිණිල්ලක්, දුකක්, අඳෝනාවක් නෙමෙයි.නිකං චුරු චුරුවක්,

හරියටම සතියම බෝඩිමක ඉඳගෙන office හරි school හරි යන කෙනෙක් ගෙදර ගිහින් අම්මට කියන්නේ මට ආයෙ යන්න බෑ…ඒව මේවා…ඒවගේ.

නැත්නං දවසම හොඳට කලා සෙල්ලම් කරලා සතුටින් ඉන්න පොඩි ළමයෙක් හවස අම්මා ගෙදර ආවම අම්මට කරදර කරන්නේ දවසම අඬ අඬා හිටියා වගේ.