Tag Archives: අනූ

අපාය තියෙන තැන

අනූ පොඩි පොඩි කතා එකතු කරල ලොකු දේවල් හිතන බබෙක්. නෑ නෑ එයා ඇවිදින කතාකරන ප්‍රශ්න වැලක් walking talking questionnaire 🙂 .

අනූ කරන්නේ එයා අහන දේවල් දකින දේවල් ඔක්කොම මතක තියා ගන්නවා. ඊට පස්සේ ගෙදර ඇවිත් ප්‍රශ්න අහනවා, අම්ම තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න වැලට අහුවෙන්නේ.

අනූ ප්‍රශ්න අහන්නේ step by step, ප්‍රශ්නෙ මුලටික අහනවා ටික වෙලාවක් ඒක process කරනවා, ආයෙත් කෑල්ලක් අහනවා, ආයෙ කල්පනා කරනවා, එහෙමයි. සමහර දේවල් ගැන දවස් දෙක තුනකට පස්සෙ තමයි ආයෙත් අහන්නේ.

අනූගේ ප්‍රශන 1

  • අම්මා මිනිස්සු මැරුනම ආයෙත් ඉපදෙනවා කියන්නේ ඇත්තද?
  • ඉතින් එයාලා කොහොමද ආයෙ එන්නේ?
  • එයාලා ආයේ ඉන්න තැනටම එනවද?
  • ඉතින් මැරුනම වලදානවා හරි පුච්චනව හරි නේ, ඉතින් කොහොමද ආයෙත් එන්නේ?

අනූගේ ප්‍රශන 2

  • අම්මා අපාය කියලා එකක් ඇත්තටම තියෙනවද?
  • ඒක තියෙන්නේ පොලව යටද?
  • මෙතන යටත් තියෙනවද? (අම්මා නෑ කිව්වා)
  • නෑ ?
  • අපාය තියෙන්නේ පන්සලේ පොලව යට ද?
Advertisements

හොරා ගෙන් හොරකම් කිරීම

අනූගේ පන්තියේ යාළුවෙක්ගේ ඉන්නවා යෙනුල කියලා. එයාගෙ තාත්තා වැඩකරන්නේ පොලීසියේ. ඉතිං යෙනුල හැමදාම පන්තියෙ කියන්නේ හොරුන්ගේ කතා. අනූ මේ කතා අහගෙන ඉඳලා ගෙදර ඇවිත් අම්මට කියනවා.

අනූ: ‘අම්මා ඔයා දන්නවද හොරු කියලා කට්ටියක් ඉන්නවා.’

අම්මත් ඉතිං අහගෙන ඉන්නවා.

අම්මා: ‘ආ… ඇත්ත ද? එයාලා මොකද කරන්නේ ?’
අනූ: ‘ඔව්.. ඔව්.. ඉන්නවා. එයාලා හොරකං කරනවා.’
අම්මා: ‘ඒ කියන්නේ ?’
අනූ: ‘එයාලා අපේ ලඟ තියෙන සල්ලි ගන්නවා.’
අම්මා: ‘ඉතිං ?’
අනූ: ‘මගේ කැටේ හංගන්න ඕනේ හොරුන්ට ගන්න බැරිවෙන්න.’

අනූ දුවලා ගිහින් කැටේ හංගනවා. හංගලා ආයෙත් අම්මා ලඟට එනවා ඉතුරු ටික කියන්න.

අනූ: ‘අම්මා හොරු අපේ සල්ලි ගත්තම අපිට සල්ලි නැතිවෙනවද ?’
අම්මා: ‘ඔව්’
අනූ: ‘එතකොට අපි එයාලගෙන් හොරකං කරනවද ?’

කොහොමද අනූගෙ මොලේ, හොරුන් ගෙන් හොරකං කරන්නයි plan එක  🙂

අම්ම හෙමීට කියලා දුන්නා හොරකම් කරල නෙමෙයි හැමෝම සල්ලි හොයන්නේ, වැඩ කරලා කියලා.

කතා කරන්නේ නහයෙන්

අම්ම දවසක් අනූලට කෑමක් හදන වෙලාවක අම්මගෙ phone එක ring උනා. අම්මත් ඉක්මනට ගිහින් බැලුව, දන්නෙ නැති number එකකින් call එකක්.

අයියෝ ඉතිං අම්මට හරිම කරදරයි ඒක, හෙලෝ කියපු ගමන්ම එහ පැත්තෙන් අහනවා

‘කොහෙන්ද කතා කරන්නේ…’

අම්මට තියෙන කරදරම ප්‍රශ්නෙ තමයි ඕක,අම්ම උත්තරයක් නොදීම phone එක පැත්තකින් තිබ්බා.

එතකොටම වගේ අනුයි තාත්තයි එතනට ආවා. මෙයාලට පේනවා අම්මගෙ කරදර මූන. තාත්තා අහනවා

‘මොකද උනේ ?’

අම්මා ඉතිං විස්තරේ කිව්වා. තාත්තා කියනවා

‘ඉතිං ඔයා කිව්ව නං හරිනේ කතා කරන්නේ කටින් කියලා’

මේ ඔක්කොම අහගෙන ඉඳලා අනූ කියනවා

‘අම්මා ආයෙත් කව්රු හරි ඇහුවොත් අම්මා කියන්න නහයෙන් කියලා’

බූරු ඇඳ

අනුයි මිනුයි ලොකුසීයලාගෙ ගෙදර ගියා. එහේ බූරු ඇඳක් තිබුනා, ලොකු සීයා ඇඳ පිසදාලා එහෙම එලියට ගත්තා අනූලට වාඩිවෙන්න. අනූයි මිනූයි අම්මයි නෙතූ අක්කලයි හැමෝම මේකට වාඩිවෙන්න පැන්නා.

අම්මා ඉතින් මේ ඇඳේ විස්තර කියල දුන්නා, බූරු ඇඳේ නම හදුනු හැටි… ඒවා..මේවා…

ලොකු ආත්තම්මා bed sheet එකක් අරන් ආවා ඇඳට දාන්න, අනූ අහනවා
ඒක බූරු  bed sheet එකක් ද? 🙂

Related image

සී එකයි, සී දෙකයි…

අනූ දැන් ගණන් කරන්න දන්නවා, ඉලක්කං දන්නවා. දවසක් අනූ ඔන්චිලි පදින ගමන් තනියම ගණන් කරනවා.

එකයි
දෙකයි
තුනයි
.
.
.
දහයයි
එකොලහයි
.
.
විස්සයි
.
.
තිහයි
.
.
.
අනූවයි
.
.
සීයයි
සී එකයි
සී දෙකයි
.
.

🙂

මෙන්න ටික දවසකින් මිනූ ගනන් කරනවා

එකයි
දෙකයි
තුනයි
.
.
.
දහයයි

එකොලහයි
දෙකොලහයි

🙂

 

වයසට යන්නේ නැතුව ඉන්න හැටි

පොසොන් පෝයට අනූට ටීචර් පන්සල් යන්න කියලා. ඉතින් අනූයි මිනූයි අම්මයි තාත්තයි පන්සල් ගියා. ගිහින් ඇවිත් අනූට ප්‍රශ්න ගොඩයි, සාදුලා කන්නේ කොහොමද? නිදාගන්නවද? මැරෙනවද?

ඔක්කොම ප්‍රශ්නවලට උත්තර දුන්නට පස්සේ, අනූ අහනවා
‘සාදුලා මැරෙන්නේ කොහොමද?’

අම්මා කියනවා
‘වයසට ගියාම, ලෙඩ උනාම’

අනූ
‘ඉතින් සාදුලා වයසට යන්නේ නැහැනේ…’

අම්මා
‘ඇයි?’

අනූ
‘ඇයි සාදුලාට කොන්ඩෙ නැහැනේ..’

පැහැදිලි කිරීම: අනූ වයසට යනවා කියලා දන්නේ කොන්ඩෙ සුදු වෙන එකනේ. අම්මටත් හිතුනා තට්ටේ ගාන්න 🙂

උගුරෙ ඉන්න කාලේ

අනූ එක එක කාතා කියනවා, ඒවා පටන් ගන්නේ මෙහෙමයි…

පරණම කතා පටන්ගන්නේ මෙහෙමයි
මම පොඩි කාලේ…. ( එයා හිතාගෙන ඉන්නේ එයා දැන් හරි ලොකුයි කියලා )

ඊට ටිකක් පස්සේ කතා පටන්ගන්නේ මෙහෙමයි
නංගා පොඩි කාලේ…..

නංගාඉපදෙන්න කලින් කතා පටන්ගන්නේ
නංගා අම්මගේ බඩේ ඉන්න කාලේ…..

ඊටත් කලින් කතාවක් නං
නංගා අම්මගේ උගුරේ ඉන්න කාලේ…..