Tag Archives: මිනූ

සම්බෝල ගෙඩිය

අනූයි මිනූයි නිවාඩු දවසට අම්ම එක්ක එක එක සෙල්ලම් කරනවා. එදා තුන් දෙනත් එක්ක ටී පාටි එකක් දාලා. මිදුලේ පැදුරක් දාගෙන තුන් දෙනත් එක්ක තේ බොනවා. මිනූ දුවල ගිහින් බිස්කට් ඉල්ලගෙන ආවා ඇන්ටිගෙන්, පීරිසියක තියලා බිස්කට් වර්ග දෙකක්ම ගෙනාවා. ඔයාල කැමති මොනාටද දන්නෙ නැහැනේ මම දෙකම ගෙනාවා, මිනූ කියනවා. මිනූගෙ ලොකු කතා.

Image result for abul dodam

තේ බීල ඉවර වෙලා, පැදුරේ හාන්සිවෙලා අහසේ වළාකුළු ගැන වටේට පේන ගස් ගැන කතා කර කර හිටියා. මිනූ එක පාරටම කියනවා සම්බෝල..සම්බෝල.. කියලා. අම්මට මේක හරියටම තේරුනේ නැහැ. ආයෙත් මිනූ කියනවා සම්බෝල..සම්බෝල..

අනූ උඩ බලාගෙන කියනවා, නංගී සම්බෝල නෙමෙයි ජම්බෝල. අම්මත් උඩ බැලුවමයි දැක්කේ, මිදුලේ තියෙන ඇඹුල් දොඩම් ගහේ ගෙඩියක් හැදිලා තියෙනවා.

Advertisements

දිවුල් පැණි බෝතලේ

අනූයි මිනූයි අම්මයි තාත්තයි අම්මම්මයි සීයයි සුදු මාමයි හැමෝම ලොකු සීයලාගෙ ගෙදර ගියා. ලොකු සීයාලාගේ පැත්තේ රස කිතුල් හකුරු, කිතුල් පැණි තියෙනවා. ආපහු ගෙදර එන ගමන් මිනූලත් පැණි බෝතලයක් ගෙනාවා.

මිනූ හරිම කැමතියි පැණි කන්න. ඉතින් පැණි ගෙනාව දවසෙ ඉඳන් කෑම මෙහෙමයි

තෝසෙ + පැණි
රොටි + පැණි
පාන් + පැණි
යෝගට් + පැණි

හැබැයි මිනූට පැණි වල නම අමතක වෙනවා කිතුල් පැණි වලට මිනූ කියන්නේ දිවුල් පැණි ( දිවුල් වල පාට නිසාද දන්නේ නෑ ).

පැණි ගෙනාව සතියේ නිවාඩු දවසේ මිනූට ලොකු ප්‍රශ්නයක්, අනිත් අය එයාට ආදරේ තරම හොයාගන්න. හැමෝගෙම ලඟට ගිහින් අහනවා එයාට කොච්චර ආදරේද කියල. හැමෝම එක එක විදියෙ උත්තර දෙනවා.

මෙච්චර විතර ආදරෙයි
ලෝකෙ තරම් ආදරෙයි

මිනූ අම්මා ලඟටත් ගිය මේ ප්‍රශ්නෙ අහගෙන, අම්මා දන්නවනේ මිනූ ගැන ඉතින් අම්මා කිව්වා

දිවුල් පැණි බෝතලයක් තරම් ආදරෙයි කියලා

මිනූගෙ මූන මලක් වගෙ.. ලොකු හිනාවක් ආවා මූනට.. මිනූ හොයාගත්තා එයාට වැඩියෙන්ම ආදරේ කව්ද කියලා.  🙂

 

ආදරේ කාටද?

නිවාඩු දවසට මිනූ තාත්තා පස්සෙන්මයි. තාත්ත කඩේට ගියත්, කෑම කන්න ගියත් මිනූ පස්සෙන් එනවා,  bathroom ගියත් දොර ලඟට වෙලා ඉන්නව එලියට එනකම්.

ඔන්න තාත්තට එලියට යන්න ඕනෙ වෙලා, මිනූ ගිහින් ඇඟේ එල්ලිලා ඉන්නවා. ගේට්ටුව ලඟටම ගියාට පස්සේ අම්මා හෙමීට පස්සෙන් ගිහින් මිනූව වඩා ගත්තා.මිනූ මේකට එච්චරම කැමතිනෑ ඒත් කරන්න දෙයක් නහැනේ. ඉතින් අම්මට කියනවා,
“මම තාත්තට තමයි ගොඩක්ම ආදරේ…”
අම්ම අහනවා
“කමක්නෑ ඔයා මට ටිකක් හරි ආදරෙයි නේද?”
මිනූ
“ඔව්, හැබැයි තාත්තට තමයි ගොඩාක්ම…”
අම්මා
“හ්ම්ම් කමක්නෑ”

ඔන්න ඊට දවසකට පස්සේ අම්මා මිනූට මාළුපාන් හදලා දුන්නා රෑට කන්න. මිනූ හොඳට කාලා ලොකු බන්ඩියත් දාගෙන එනවා අම්ම ලඟට කොට්ටෙත් උස්සගෙන නිදාගන්න. අම්මා අහනවා
“පුතා කාටද වැඩිපුර ආදරේ?”
මිනූ
“අම්මටයි තාත්තටයි දෙන්නටම”
අම්මා
“ඇයි ඊයෙ කිව්වෙ තාත්තට වැඩී කියල”
මිනූ
“නෑ නෑ, අම්මටයි තාත්තටයි දෙන්නටම”

ඔන්න මිනූගෙ මාළුපාන් ආදරේ 🙂

සම්බල් බෝල

මිනූගෙ ගෙදර සම්බල් හදනව නේ..
පොල් සම්බල් හැදුවම මිනූගෙ අම්මා ඒකට කියන්නේ
පොල්සම්බල්

මිනූගෙ ඇන්ටි කියන්නේ
පොල්සම්බෝල

ඉතිං මිනූ කියන්නේ
පොල්සම්බල් බෝල

ඔයාගෙ උගුරේ නෑනේ…

මිනූගෙ එහා ගෙදර ඉන්නවා චූටි නංගියෙක්, එයාගෙ අම්මා එයාට පොඩි මාලයක් ගෙනත්දීල. මේක දැකල මිනූටත් මාලයක් ඕනෙවෙලා.

හැමදාම රෑට නිදාගන්න ගියාම අම්මගෙ බෙල්ලෙ තියෙන මාලෙ ඉල්ලගෙන එයගෙ කරේ දාන්න කියනවා. අම්මත් ඉතින් දානවා.. ආයෙත් උදේට අම්මට දෙනවා.

එක දවසක් අම්මගේ මාලෙත් කරේ දාගෙන මිනූ කියනවා
“ඔයාගෙ උගුරේ නෑනේ…” කියලා

අම්ම බලනවා මොකද්ද කියලා
මිනූ ආයෙත් කියනවා

“ඔයාගෙ උගුරේ නෑනේ…”

අම්මගෙ බෙල්ලෙ මාලයක් නෑ කියල කියන්නේ

අනූ… මිනූ… කතා

අක්කගෙයි නංගිගෙයි නම් දෙක අනුකි, මිනුකි නේ. ඉතින් අනුයි මිනුයි කියල තමයි හැමෝම කතා කරන්නේ.

දවසක් නංග අක්කගෙ කොන්ඩ කටුවක් ගත්තා, මේක දැකපු අක්කා දුවගෙන ගිහින් නංගිගෙන් කොන්ඩ කටුව ඉල්ලගත්තා. ඊටපස්සේ නංගිට කියනවා…

“නංගී අනුන්ගෙ බඩු ගන්න හොඳනෑ” කියල.

නංගත් ඇස් දෙක පුංචි කරගෙන ටිකක් වෙලා බලාගෙන හිටියා. ඊට පස්සේ අහනවා…

“එතකොට මිනුන්ගේ බඩු….?”  🙂

ලල්ලා ගියා… ලල්ලා ගියා…

මිනූ නංගා හරිම දඟයා, ඒවගේම හරිම හුරතල්. එයාට දැන් අවුරුදු එකහමාරක් වගේ, ලොකු ලොකු දේවල් කරන්න කියන්නත් හරී කැමතියි. හැබැයි අම්මා office යනවට නං කැමතිම නෑ. අම්මත් ඉතින් මොනා හරි කරලා එයාව අඬවන්නේ නැතුව office යනවා.

ඉතින් දවසක් අම්මා computer එකේ මිනූ ආසම cartoon එකක් දාලා දුන්නා. මිනූත් හොදට හිනාවෙවී cartoon බලනවා, අම්මා හෙමීන්ම කුස්සියට ගියා උදේට කන්න. චුට්ටක් වෙලායද්දී මිනූ දුවගෙන අවා අම්මා ලඟට. ඇවිත් කියනවා

අම්මා… ලල්ලා… ගියා…

ආයෙත් ටිකකින් කියනවා

අම්මා… ලල්ලා… ගියා…

අම්මාට තේරුනේනෑ මිනූ මොනද කියනේ කියලා. අම්මා බලනවා කව්ද දැන් ගියේ කියලා. මිනූගෙ තාත්තා උදේම office ගියා, සුදු මාමත් කලින්ම ගියා.

බලද්දි ගෙදර light ගිහිල්ලා.

light – ලල්ලා  🙂