අම්මා ජීවත්වෙන තැන

මිනූගේ අම්ම සෙනසුරාදා උදේ ඉඳන්ම ගෙදර වැඩ, මිනූ මේකට වැඩිය කැමති නෑ ඒත් පාඩුවේ හිටියා. අම්මා උදේම අනූගෙයි මිනූගෙයි school bags හේදුවා, වතුර බෝතල් වල බෙල්ට් හේදුවා, සපත්තු හේදුවා, class bag හේදුවා, ඊට පස්සේ bathroom එකත් හේදුවා. මේවා ඉවර වෙද්දි අම්මට මහන්සියි, අනූයි මිනූයි දෙන්න පේන්ට් කරනවා. ඉතින් අම්මා හිතුවා ඉක්මනට නාගෙන මේ දෙන්නා ලඟට එනවා කියලා.

අම්මා නාන්න පටන් ගත්ත විතරයි අම්මා එනකල් බලාගෙන හිටි

ය මිනූට තරහ ගියා. bathroom එක ලඟට ආවා,

දොරට හය්යෙන් දෙකතුනක් තට්ටු කලා, ඊට පස්සේ අහනවා
“අම්මා ඔයා ඕක ඇතුලෙද ජීවත් වෙන්නේ”

Advertisements

සාදුලාට යන්න පාරක්

අනූයි මිනූයි අම්මම්මලයි ගෙදර ගිහින්, අම්මම්මා ගෙදර ඉස්සරහ තියෙන Veranda එක සෝදලා. දැන් දෙන්නටම ඉවසිල්ලක් නෑ මේ වතුර ගොඩට පැනගන්න.

අම්මම්මා සද්දයක් දාලා පොඩ්ඩක් බය කරගෙන තමයි මේ දෙන්නා වතුරට යන්න නොදී තියාගන්න්නේ. දැන් මේ දෙන්නට මෙතනට යන්නම ඕනෙ නිසා අම්මම්මා ගේ ඇතුලෙන් පරන රෙදි කෑලි ටිකක් ගෙනත් වතුර පාගන්නේ නැතුව යන්න පුලුවන් විදියට Veranda එක දිගට දැම්මා. අනූ හොඳට බලාගෙන හිටියා, ඊට පස්සේ අහනවා

“අම්මම්මා සාදුලාට යන්න පාරක් හදනවද?”

අනූගෙ හිතුවේ අම්මම්මා පාවාඩ එලනව කියලා.

තොත්ත බබා

අනූගෙයි මිනුගෙයි අම්මා එයාලගෙ තාත්තට කත කරන්නේ බබා කියලා. ඉතින් අනූට මේක අලුත් දෙයක් නෙමෙයි, ඒත් එක දවසක් අනූට තදවෙලා ඉන්න වෙලාවක අම්මා තාත්තට බබා කියල කතා කලා. මේකට අනූට තරහ ගියා.

අනූ අම්මගෙන් අහනවා, ඇයි ඔයා තාත්තට බබා කියන්නේ එයා පොඩි

credential_baby

බබෙක් ද?

අම්මා – ඔව් අනේ එයා තාම බබෙක් වගේ වැඩ කරන්නේ, කෑම අඳුමෙ හලා ගන්නවා,

වතුර බිම හලනවා, කෑම පෙට්ටිය office එකේ අමතක කරල එනවා…

අනූ ගියා තාත්තා ලඟට, ගිහින් කියනවා

අනූ – ඔයා නං තොත්ත බබෙක්

කනිපින්දම් අහන්න එන්න

නිශ්ශබ්දම නිශ්ශබ්ද තැනක ඉඳල තියෙනවද? හුස්ම ගන්න සද්දෙත් ඇහෙන වගේ තැනක. Keyboard එකේ key එකක් press කරන සද්දෙ, උදැල්ලකින් පොළව කොටනව වගේ ඇහෙන office එකක. ඒ වගේ තැනක කොච්චර වෙලාවක් ඉඳල තියෙනවද? උදේ 9 ඉඳන් හවස 5-6 වෙනකල්.

🙂500_F_221186903_atNDEgq5tvCjRUQ2hkKmcBWZJhXPkHOA

සද්දයක්, වාහනයක්, මනුස්සයෙක් නැති පාරක කොච්චර දුරක් ගිහින් තියෙනවද? ගෙවල්, ගොඩනැගිලි වටේම තිබුනත් කට හඬක් වත් ඇහෙන්නේ නැති පළාතක, එක දොරක්, ජනේලයක් වත් ඇරල නැති පළාතක, පයින් ඇවිදගෙන ඇවිදගෙන කිලෝමීටර් 10ක් – 11ක්. Map එක විතරක් බලාගෙන.

🙂

වටේ ඉන්න හැමෝම වෙනම භාෂාවකින් කතා කරන තැනක ඉඳල තියෙනවද? අහන්න ඕනෙ දෙයක් අහන්න කලින් ඔයාට ඉංග්‍රීසි තේරෙනවද කියල අහන්න වෙන තැනක, කඩේකට ගියාම ඉංග්‍රීසියෙන් ලියපු කොලයක් / මෙනු එකක් ඉල්ලා ගන්න වෙන තැනක.

🙂

500_F_221187004_msDxpfQT6vVzO1Wt5gYNrXJpAubuUG57

කන්න ගන්න කෑම එකේ මොනවද තියෙන්නේ කියල දන්නේ නැතුව කාලා තියෙනව්ද? රතු පාටට තියෙනේ මිරිස්ද, තක්කාලි සෝස්ද කියලා කාලම බලන්න සිද්දවෙන තැනක. Meat කිව්වම මොන meat ද කියල කියන්න දන්නෙත් නැති, අහල දැනගන්නත් බැරි තැනක.

🙂

පැහැදිලි කිරීම :

කනිපින්දම් කියන්නේ පැමිණිල්ලක්, දුකක්, අඳෝනාවක් නෙමෙයි.නිකං චුරු චුරුවක්,

හරියටම සතියම බෝඩිමක ඉඳගෙන office හරි school හරි යන කෙනෙක් ගෙදර ගිහින් අම්මට කියන්නේ මට ආයෙ යන්න බෑ…ඒව මේවා…ඒවගේ.

නැත්නං දවසම හොඳට කලා සෙල්ලම් කරලා සතුටින් ඉන්න පොඩි ළමයෙක් හවස අම්මා ගෙදර ආවම අම්මට කරදර කරන්නේ දවසම අඬ අඬා හිටියා වගේ.

 

අම්මා ඔයාට ඇත්තටම ආදරෙයි

සෙනසුරාදා දවසක අනුයි මිනුයි තාත්තයි හොන්ඳටම වැඩ, උඩ නගිනවා, ඇන ගහනවා වැඩ ගොඩයි. ටික වෙලාවකින් බලද්දී තාත්තා පුටුඇන්ද උඩ හිටගෙන, මේක දැක්කම අම්මට හොඳටම තරහයි. ඇයි ඉතින් වැටිලා අත පය කඩා ගත්තොත්. අම්මා කේන්තියෙන්ම ඇවිත් දුන්නා තාත්තගේ පස්සට එකක්.

මේක අනූ දැක්කා, අනූගෙ මූන නරක් උනා, දඩ බඩ ගාල අම්මා ලඟට දුවගෙන ආවා. ආව විදියට අම්මට තේරුනා මොකද කලබලේ කියලා. අම්මා අනූට කියනවා

“බලන්න පුතේ තාත්ත කරන වැඩ, ඔතනින් වැටුන නං එයාට තුවාල වෙනවනේ”. අනූ ටිකක් කල්පනා කලා.

හෙමින් හෙමින් තාත්තා ලඟට ගියා, ගිහින් කියනවා “තාත්තේ, අම්මා ඔයාට ඇත්තටම ආදරෙයි”

ඇයි ඔච්චර යාළු

අනූයි මිනූයි දෙන්නා නිතරම fight නේ, අද fight එක කෝප්පෙට. මිනූ, අනූගෙ වතුර බොන කෝප්පෙන් වතුර බීලා.  ඒකට අනූට තදවෙලා ලොකු ප්‍රශ්නයක්. යන්තම් මේ රන්ඩුව බේර ගත්තා විතරයි, මිනූ එනවා වේගෙන් දුවගෙන.

අම්මා… අම්මා… තාත්තා ඔයාගේ කෝප්පෙන් වතුර බොනවා. අම්මත් හෙමීට ඔළුව හරවලා බැලුවා. ඇත්ත්ට තමයි, අයියෝ තාත්තත් කරන වැඩ. යන්තම් එක රන්ඩුවක් බේරුවා විතරයි. අම්මා මොනවත් කියන්න ගියේ නෑ පාඩුවෙ හිටියා. තාත්තට ඇහුනා මේ කතාව, තාත්තා වතුර බීලා ඉවරවෙලා ආවා අම්මයි මිනුයි ඉන්න තැනට. ඇවිත් අම්මට කියනවා, Thank you මට ඔයාගෙ කෝප්පෙන් බොන්න දුන්නට.

නංගිට ලැජ්ජයි වැඩේට, එයා හිතුවේ අක්කයි නංගයි වගේ අම්මයි තාත්තයි දෙන්නත් රන්ඩුවෙයි කියලනේ. නංග ටිකක් වෙලා බලාගෙන ඉඳලා අහනවා.

“ඇයි ඔයදෙන්න ඔච්චර යාළු?”

ඩෝනට් සිංදුව

අනූයි, මිනූයි දැන් school යනවනේ, school ගිහින් day care ගිහින් ගෙදර යද්දි රෑ වෙනවා. ඉතින් අනූටයි, මිනූටයි ,මගදිම බඩගිනි වෙනවා. බඩගිනි උනාම මොනවා හරි කන්න අරන් දෙනකල්ම කෑගහනවා.

මෙහෙම කෑ ගහලා දවසක් තාත්තා අරන්දුන්නා. ඒක කෑවට පස්සේ බන්ඩිය පිරිලා පොඩි සින්දුවක් ඇහෙනවා මිනූගෙන් මෙන්න මෙහෙම

Old MacDonut had a farm
E-I-E-I-O

Dunkin’ Donuts Boston Kreme and Strawberry Frosted Sprinkled donuts.